සම්ප්‍රදායානුකූලව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පොල් තෙල් පහන දැල්වීමෙන්අනතුරුව සැම දෙනාට රසකැවිලි සහ කිරිබත් අනුභව කිරීම සඳහා ආරාධනා කරන ලදී.එම අවස්ථාව සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ විධායක ජෙනරාල් ඇතුළුවජ්යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි විය.
මෙම අවස්ථාවේදී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිලවා නව වසර වෙනුවෙන් සියලු දෙනාටම සුභ පතනු ලැබීය. ඉන් අනතුරුව, යුද හමුදාපතිතුමා නාරාහේන්පිට යුද හමුදා රෝහලේ සංචාරයක නිරත විය.
එම අවස්ථාවේදී යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ විසින් යුද හමුදාපතිතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
එහිදී යුද හමුදාපතිතුමා රෝහල් කාර්ය මණ්ඩලය හට අලුත් අවුරුද්ද වෙනුවෙන්සුභ පතා රෝහල් ගතව ප්‍රතිකාර ලබන නේවාසික රෝගීන්ගේ සුවදුක් විමසා ඔවුන් හටත්යාග ද ප්‍රධානය කරනු ලැබීය.
අනතුරුව යුද හමුදාපතිතුමා රෝහලේ කාර්ය මණ්ඩලය අමතමින් රෝහලේ ඉදිරි පරිපාලන කටයුතු මැනවින් ඉටු කරන ලෙසද වැඩිදුරටත් පවසා සිටියහ.