නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉස්ලාම් ආගමික චාරිත්‍රාණුකූලව අලුත් සහල් මංගල්‍ය ජාතික උත්සවය මඩකලපුවේ දී

    අප්‍රේල් 16, 2015

    ඉස්ලාම් ආගමික චාරිත්‍රාණුකූලව අලුත් සහල් මංගල්‍ය ජාතික උත්සවය ඊයේ (15) මඩකලපු දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි ප්‍රදේශයේ මුහයිදීන් පෙරිය මෙත්තෙයි මුස්ලිම් පල්ලියේ දී සිදු කෙරිණි.

     

    මෙම උත්සවය කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් එස්.එම්. මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපු දිස්ත්‍රික් ලේකම් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

     

    මෙම අලුත් සහල් මංගල්‍ය උත්සවයේ දී කාත්තන්කුඩි ප්‍රදේශයේ දුගී පවුල් සඳහා නව අස්වැන්නේ සහල් බෙදා දීම ද සිදුකෙරිණි. උත්සවයේ ආගමික කටයුතු කාත්තන්කුඩි උලාමා හි ප්‍රධානී එම්.එම්. අබ්දුල් කාදර් මහතා විසින් මෙහෙයවන ලදී.

     

    අමතර දිස්ත්‍රික් ලේකම් එස්. ගිරිධරන්, දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ ආර්. සිවරාජා යන මහත්වරු ද ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරීන් හා මුස්ලිම් පල්ලියේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

    අලුත් සහල් මංගල්‍ය යේ බෞද්ධාගමික චාරිත්‍රානුකූල ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෝමාවතී රජ මහා විහාරයේ දීත්, හින්දු චාරිත්‍රානුකූල ජාතික උත්සවය යාපනයේ නල්ලූර් කෝවිලේ දීත්, කතෝලික චාරිත්‍රානුකූල ජාතික උත්සවය මන්නාරමේ මඩු දේවස්ථානයේ ත් ඊයේ (15) පැවැත්විණි.

     

    SDF//LDA_dmu_batti

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya