කටුනායක සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී. අද (14), දහවල් 12.11ට වෙල්ලමුලිවයික්කාල්, කොකාවිල්, සහ කුමුලමුලේ යන නගර වලට හිරු මුදුන්ව පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.