එය මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වේ. අප්‍රියල් 12වන දින පස්වරුවවනවිට නිවාඩු නොගෙන සේවයට නොපැමිණිව සිටි සේවයෙන්ඉවත්කිරීමේ කටයුතු වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත රපොර්තු කර තිබෙන සංඛ්‍යාව 11914ක් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ආරක්‍ෂක අමාත්‍යංශයීය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර ඇත.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් බ්‍රිගේඩියර් ජයවීරමහතා ප්‍රකාශ කර සිටියේ යුධ හමුදාව වෙතින් අස්කිරිමේ කටයුතු කඩිනමින්සිදුකරන බවත් මේ දක්වා අස්කිරීම් කටයුතු වෙනුවෙන් අදාළ රෙජිමේන්තුමධ්‍යස්ථාන වෙත රපොර්තු නොකරන ලද නිවාඩු නොගෙන සේවයට නොපැමිණිව සිටිනසෙබළුන් හට හැකි ඉක්මනින් සිය රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙසය.
මෙම පොදු සමා කාලය අප්‍රේල් මස 16 වැනි දින දක්වාක්‍රියාත්මක වේ.
MOD/SDF