නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඓතිහාසිකව පැමිණි වැරදි මතයක්

    අප්‍රේල් 14, 2015

    උත්සවයක දී සතුටු වීමට මත්පැන් දුම්පානය හා මත්ද්‍රව්‍ය භාවිතය අනිවාර්ය බවට ඇතිව තිබෙන ජනතාවගේ හැඟීම ඓතිහාසිකව පැමිණි වැරදි මතයක් පමණක් බවත් කිසිදු ආගමක් මත්පැන් භාවිතා කිරීමට නිර්දේශ කර නැති බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

     

    ශ්‍රී ලාංකික බහුතර ජනතාවගේ මතය නම් සතුට සැමරීමට මෙන්ම දුක දරාගැනීමටත් මත්පැන්, දුම් වැටි භාවිතය අත්‍යවශ්‍ය බවයි. උත්සවයක දී නෑදෑ හිතමිතුරන් සමඟ සතුටු වීමටත් නෑගම් යාමේ දී තිළිණයන් ලෙස රැගෙන යාමටත් සුදුසුම මත්පැන් බවට අද සමාජයේ මතයක් ඇතිව ඇත.

     

    නමුත් මත්පැන් හෝ දුම් වැටි යනු උත්තේජනයක් ඇති කරවන්නක් නොවන අතර මේවා භාවිතයෙන් සිදු වන්නේ මානසික අවපීඩනයක් ඇතිවීම පමණක් බවත් සතුට හෝ වින්දනය භුක්ති විදීමට මේවායින් හැකියාවක් නොලැබෙන බවත් මද්‍යසාර මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ විධායකඅධ්‍යක්ෂ පුබුදු සුමනසේකර මහතා ප්‍රකාශ කළේය.

     

    විශේෂයෙන්ම උත්සව කාලවලදී මාධ්‍ය තුළින් නිතර ඇසෙන්නේ මත්පැන් භාවිතය නිසා සිදු වූ අනතුරු ය. බොහෝවිට බීමතින් රිය පැදවීමට හෝ බීමතින් දිය නෑමට ගොස් දිවි අහිමි කරගන්නා, විවිධ ආබාධ ඇති කරගන්නා පිරිස් පිළිබඳවය. තවද උත්සව මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතා කර සමයේ සතුට සමරන්නට ගොස් සමඟියෙන් සිටි පිරිස් අසමඟි වී රණ්ඩු කෝලහාල වීම නිසා විවිධ අනතුරු සිදු කරගත් අවස්ථා ද බහුලය.

     

    රටේ දරිද්‍රතාව ඇති වීමටත් සෞඛ්‍ය ගැටලු වැඩි වීමටත් ප්‍රමුඛ හේතුවක් ලෙස මත්පැන්, දුම් වැටි හා මත්ද්‍රව්‍ය භාවිතය හැදින්වීමට හැකිය. මන්දයත් නිල වශයෙන් අප රටේ දිනකට මත්පැන් හා දුම් වැටි සඳහා පාරිභෝගික වියදම රුපියල් මිලියන 450ක් පමණ වන බැවිනි.

     

    රටේ සංස්කෘතික පිබිදීමක් ඇතිවන සිංහල දෙමළ අලුත් අවුරුදු සංක්‍රාන්තික සමයේ අවුරුදු සතුට භුක්ති විදීමට මත්පැන්, දුම් වැටි හා මත්ද්‍රව්‍ය වලින් තොර අවුරුදු මේසයක හිඳ පවුලේ සාමාජිකයින් හා නෑදෑ හිතමිතුරන් සමඟ නව වසරේ සැබෑ සතුට සාමය සතුට විද ගැනීමට ගැනීමට වෙර දරන්න.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya