අමාත්‍යතුමාගේ අලුත් අවුරුදු ශුභාශිංසන පණිවුඩය,
“ලක් දෙරණ ම එක ම සැණකෙළි බිමක් ලෙස උත්සව සිරි නංවන ජාතික සංස්කෘතික උළෙල සිංහල හා දෙමළ අලුත් අවුරුද්දයි. වසරින් වසර උදා වෙන මේ අසිරිමත් දිනය අලුත් අදහස්, ආකල්පවලින් ජීවිතය අලුත් කරන්නට මහඟු අනුබලයකි.
දේශීය චින්තනයත්, සමාජ හර පද්ධතියත් අර්ථවත් වන අවුරුදු උදාව ලක්වැසියෝ අතීතයේ සිට ම මහත් හරසරින් සමරනු ලැබූහ.
ජ්‍යෝතිෂ්‍ය, පාරම්පරික ඥානය, සංස්කෘතිකාංග හා සාරධර්ම සංකලනයෙන් නිර්මාණය වූ අලුත් අවුරුද්ද වඩාත් විචිත‍්‍රවත් වන්නේ අවුරුදු චාරිත‍්‍ර හේතුවෙනි.
හෙළ සිරිත් ලෙස සමාජගත වූ අවුරුදු චාරිත‍්‍ර සැවොම එක සේ පිළිගෙන අනුගමනය කරති. නැකැතට අනුව ම චාරිත‍්‍රයේ නියැලෙති. මුළුමහත් ජනතාවක් එක ම අධිෂ්ඨානයකින් එක ම වෙලාවට සිදු කරන මේ අවුරුදු වතාවත් ශ්‍රී ලාංකිකයාට අනන්‍ය වූවකි. ඉන් ප‍්‍රකට වන සහෝදරත්වයේ බැඳීම අති ප‍්‍රබලය.
අතීතයේ සිට පැවැත ආ අවුරුදු චාරිත‍්‍ර හා බැඳුණු නැකැත් වේලාව නූතන සමාජය ඒ ආකාරයෙන් ම සැකයෙන් තොරව අනුගමනය කරන්නේ අවුරුදු නැකැත සමඟ බැඳුණු සාරධර්ම හා ධර්මතා රැසක් සමාජය තුළ සක‍්‍රීය වන හෙයිනි. නව වසර සමඟ උදාවුණ නව දේශපාලන සමාජීය පරිවර්තනයත් සමඟ යහපාලන රාජ්‍යයක් කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය සඵල කරමින් දේශයේ එකමුතුව සවිමත් කරන්නට අවුරුදු උදාව හේතු වේවා යි පතමි.
ඔබ සැමට පැතුම් සඵල වන සුබ නව වසරක් ප‍්‍රාර්ථනා කරමි ! “
SDF