මෙදින රාත්‍රි කතරගම මහා දේවාලයෙන් ආරම්භ වන “දේව පෙරහැර” මහ වීදියේ ගමන්කර වල්ලි අම්මා දේවාලයට පැමිණීමට නියමිතව ඇති අතර එම දේවාලයේ දී පෞරාණික චාරිත්‍ර සිරිත් ඉටු කිරීමෙන් පසුව පෙරහර යළිත් එම වීදියෙන් ම මහ දේවාලයට ගෙවැඳීමට නියමිතය.
කතරගම මහා දේවාලයට පෙරහර ගෙවඳීමෙන් අනතුරුව කතරගම මහා දේවාලයේ වර්ෂයකට පමණක් පවත්වනු ලබන “දැකුම්තැබීම” නම් පෞරාණික චාරිත්‍රය සිදු කරනු ලැබේ.
පෞරාණික චාරිත්‍රවලට මුල් තැනක් දෙමින් උඩරට, පහතරට රුහුණු ප්‍රදේශයට ආවේණික නැටුම්වලින් ද, අලි ඇතුන්ගෙන් ද යුතුව ඉතාමත් අලංකාර ලෙස පෙරහර පැවැත්විමට රුහුණු කතරගම මහා දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේ යසසිරි කස්තුරිආරච්චි මහතා කටයුතු සංවිධානය කර ඇත.
DB