ඒ අනුව, පිළිකා මඟින් රෝගීවීම හේතු කොටගෙන මහජනතාවට ඇති වන ගැහැට අවම කිරීම සඳහා වන සියලු ක්‍රියාමාර්ග ඇතුළත් ශ්‍රී ලංකාවේ පිළිකා රෝගයට ගොදුරුවීම වැළැක්වීමේ හා පාලනය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රමෝපායික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගැනීමට නියමිතය.
1985 වසරේ දී පුද්ගලයන් 100,000 කට 37.6ක් වූ පිළිකා රෝගීන් සංඛ්‍යාව 2005 වසර වන විට පුද්ගලයන් 100,000 කට 74.2 දක්වා ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකාව තුළ පිළිකා රෝගය ඉහළ යාමේ නැඹුරුවක් පෙන්නුම් කරයි.
පියයුරු, මුඛ, ගලනාළය, ගැබ්ගෙල, පෙණහළු, තයිරොයිඩ්, මහා අන්ත්‍රය, අධෝ මාර්ගය, වසා ග්‍රන්ථි හා ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා සහ ලියුකේමියාව ශ්‍රී ලංකාව තුළ බහුලව දක්නට ලැබෙන පිළිකා වර්ග 10 වේ.
DB