මේ පිළිබඳ ව අදහස් දැක්වූ පළාත් ප‍්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් චන්‍ද්‍රසිරි බණ්ඩාර මහතා, මෙම ලොතරැයිපත් අලෙවි කිරීමෙන් උපයාගෙන ඇති ලක්‍ෂ අසූවක පමණ මුදල නිසි අධීක්‍ෂණයක් මත පළාතේ දරු දැරියන්ගේ අධ්‍යාපන ක‍්‍රියාවලියට අතහිත දීම සඳහා යොදවන ලබන බව පැවසීය. පළාතේ දිළිඳු පවුල්වල දක්‍ෂතා ඇති පාසල් දරුවන් දිරිගන්වමින් ඔවුන්ට ඵලදායි හෙට දවසක් උරුම කරදීමේ අරමුණින් ක‍්‍රියාත්මක වූ මෙම ඉගෙනුම් ලොතරැයිය තුළින් පළාත් අධ්‍යාපන සංවර්ධන අරමුදලට ද සුවිශාල දායකත්වයක් ලැබෙන බව ද සඳහන් කළේය.
මෙම ඉගෙනුම් ලොතරැයිය දිනුම් ඇදීමේ අවස්ථාවට උතුරු මැද පළාත් ප‍්‍රධාන ලේකම් එච්.එම්.ආර්.බී. හේරත්, ජෙෂ්‍ය්ඨ සහකාර ලේකම් සුදර්ශන දිසානායක, නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් (මුදල්) එස්.එච්. මහවිතාන, ප‍්‍රධාන අමාත්‍ය මාධ්‍ය ලේකම් පී.බී. දිසානායක මහත්වරු ඇතුළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප‍්‍රධානීහු රැසක් සහභාගී වූහ.
NDH