ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (10) කොළඹ පැවති මාධ්‍ය දැනුවත් කිරීමකට එක්වෙමිනි.
පැවති සියලු ම රජයන් පාරම්පරික වෛද්‍ය ක්‍රම ගැන නොසලකා හැරියා. ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ බටහිර වෛද්‍ය ක්‍රමය හා සමාන්තරව යමින් දේශීය වෛද්‍ය ක්‍රමයේ කාර්යභාරය පිළිබඳ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස වසර ගණනාවක් පුරා ඉල්ලුව ද එය තවමත් ක්‍රියාත්මක වුණේ නැහැ.
මේ පිළිබඳ ව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් දේශීය වෛද්‍ය සංවිධානයේ ලේකම් දේශීය වෛද්‍ය විශේෂඥ ඩී.ඩබ්.ජේ. සේනාරත්න මහතා, ලංකාවේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය තුළ දේශීය වෛද්‍ය කාර්යභාරය පිළිබඳ වාර්තාවක් හදන්න පසුගිය රජයන් සමයේ සාකච්ඡා වුව ද ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉටුකර නැති බව පැවසීය.
චීනය, කොරියාව, ඉන්දියාව වැනි රටවලට වඩා වැඩි දේශීය වෛද්‍ය ක්‍රම මෙරට ක්‍රියාත්මකයි. කැඩුම් බිඳුම්, ඇස්, පිස්සු බලු රෝගය, සර්ප, පිලිස්සීම් සඳහා මෙරට දේශීය වෛද්‍ය ක්‍රම තියෙනවා. මේ රටේ කිසිදු දේශපාලඥයෙකුට මේවා පිළිබඳ අව්‍යාජ උනන්දුවක් පැවතියේ නැහැ. මෛත්‍රීපාල මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ ගැන සඳහන් වෙනවා. මේ රජයෙන් දේශීය වෛද්‍ය ක්‍රමයේ ඉදිරිය පිළිබඳ යහපත් ප්‍රතිචාරයක් පවතීවි යැයි බලාපොරොත්තු වෙනවා යැයි ද සේනාරත්න මහතා පැවසීය.
NDH