නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේ දී වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.
අද (10), දහවල් 12.12ට චිත්තන්දීකුඩි, දිඹුලාගල, මහව සහ මුන්දලම යන නගර වලට හිරු මුදුන්ව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි.