භූතාන අග්රාමාත්ය Tshering Tobgay මහතාගේ ශ්රී ලංකා සංචාරය හේතුවෙන් අදත් (11) කොළඹ ගාලු පාර අවට ප්රදේශයන්හි මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමාකිරීමක් සිදු කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඒ අනුව ගාලු මැද පාර, ගාලු මුවදොර වට රවුම සිට එන්.එස්.ඒ. වටරවුම දක්වා වූ කොට පෙරවරු 9.00 සිට 9.15ද්කවා වසා තැබේ. එබැවින් මෙම වේලාවන් තුළ දී හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි. DB