ඒ අනුව පෙරවරු 9.30 සිට පස්වරු 1.30පමණ දක්වා ගාලු පාරෝ ගාලු මාවුදොර වටරවුමේ සිට එන්.එස්.ඒ වටුරවුම දක්වා ද, පස්වරු 1.00 සිට පස්වරු 1.30දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මැද පාර, ගාලු මුවදොර වටරවුම, ගාලු පාර, කොල්ලුපිටිය හන්දියෙන් වට හැරී ධර්මපාල මාවත, ලිබර්ටි වටරවුම, පිත්තල හන්දිය, රතු කුරුස හන්දිය, පුස්තකාල වටරවුම වටම හැරී ආනන්ද කුමාරස්වාමි මාවත, හෝර්ටන් වට රවුම, හෝර්ටන් පෙදෙස, ඩී.එස්. සේනානායක හන්දිය, කාසල් වීදිය, ආයුර්වේද හන්දිය සිට පොල්දූව හන්දිය දක්වා ද වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත.
පස්වරු 2.00 සිට පස්වරු 2.30දක්වා පොල්දූව හන්දියේ සිට ආයුරේවේද හන්දිය, කාසල් වීදිය, ඩී.එස්. සේනානායක හන්දිය, කිංසි පාර, හෝර්ටන් පෙදෙස, හෝර්ටන් වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, මල්පාර හන්දිය, ලිබර්ටි වටරවුමෙන් දකුළුට හැරී ශාන්ත මයිකල් පාර, ගාලු පාර, ගාලුමුවදොර වටරවුම හා ගාලු මැද පාරේ ද වාහන ගමනාගමනය සීමා කෙරේ.
මීට අමතර ව පස්වරු 7.30 සිට පස්වරු 7.45දක්වා ගාලු මැද පාර, එන්එස්ඒ වටරවුම, ජනාධිපති මාවත හා පස්වරු 9.30 සිට පස්වරු 9.45 දක්වා ජනාධිපති මාවත, එන්.එස්.ඒ. වටරවුම, ගාලු මැද පාර ආදි මාර්ගයන් හි වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය සඳහන් කරයි.
එබැවින් මෙම වේලාවන් තුළ දී හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි.
DB