සිංගප්පුරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වු වදාළ අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමියන්ගේ දේහය රාජ තාන්ත්‍රික ගෞරව සහිතව ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රජය නියෝජනය කරමින් විශේෂ නියෝජිතයෙකු ලෙස අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ සිංගප්පුරුව බලා පිටත්ව ගිය බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
අපවත් වී වදාළ නාහිමියන්ගේ ශ්‍රී දේහය රාජ්‍ය ගෞරව සහිතව ශ්‍රී ලංකාවය රැගෙන ඒම සඳහා සිංගප්පූරු රජයේද සහයෝගය ඇතිව එම කටයුතු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවන බව අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
kpm