නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුවේ පාසැල් සංවර්ධන වැඩසටහනට රුපියල් මිලියන 65 ක ප්‍රතිපාදන

    අප්‍රේල් 07, 2015

    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාසැල් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 65 ක ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමට කටයුතු කොට ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස්. සේනානායක මහතා පවසයි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ දිස්ත්‍රික්කයේ පාසැල් 06ක පංති කාමර සඳහා ගොඩනැගිලි ඉදිකිරීමට නියමිතය.

    ඒ අනුව ඉරහඳ කොටුවැව ප්‍රාථමික විද්‍යාලයේ පංති කාමර 12 කින් සමන්විත තෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කිරීම, කවුඩුල්ල මහා විද්‍යාලයේ පංති කාමර 06 කින් සමන්විත දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කිරීම, මින්නේරිය මධ්‍ය මහා විද්‍යාලයේ පංති කාමර 12 කින් සමන්විත තෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කිරීම, මුදුන්ගම ප්‍රාථමික විද්‍යාලයේ පංති කාමර 06 ක ගොඩනැගිල්ලක් ඉදි කිරීම, සහිරා මුස්ලිම් විද්‍යාලයේ දෙමහල් පංති කාමර ගොඩනැගිල්ලක් ඉදි කිරීම සහ ලංකාපුර විජිත මහා විද්‍යාලයේ පංති කාමර 08 කින් සමන්විත දෙමහල් ගොඩනැගිල්ලේ පලමු අදියර ඉදි කිරීම යන සංවර්ධන කටයුතු සිදුකිරීමට නියමිතය.

    MAP/WK_dmu_polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya