නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අම්පාර දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන් පිළිබඳ සාක්ෂි විමසීම අද සිට

    අප්‍රේල් 06, 2015
    අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම තවත් සැසියක් අද (06) අම්පාර දිස්ත්‍රික්කය මූලික කරගනිමින් පැවැත්වීමට නියමිතය.
     
    ඒ අනුව අද සිට දින 04ක කාලයක් අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක දී සාක්ෂි සටහන් කරගැනීම සිදු කෙරේ.
     
    අද සහ හෙට (07) දිනවල කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත්, 08 සහ 09 දිනවල ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත් සාක්ෂි සටහන් කරගැනීමට නියමිතය. 
     
    අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක පුද්ගලයන් 600කට පමණ සාක්ෂි ලබාදෙන ලෙස අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම දැනුම් දී ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya