ප්රධාන අමාත්‍යවරයා මෙසේ පැවසුවේ, පසුගියදා උතුරු මැද පළාත් සභා ශ‍්‍රවනාගාරයේ පැවති අනුරාධපුර නගර සංවර්ධනය පිළිබඳ සාකච්ඣාවට එක්වෙමිනි.
දැනට අනුරාධපුර නගරයේ ඉදිකර ඇති ඉවත් කළ යුතු ම වූ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, අනුරාධපුර සතිපොළ නවීකරණය කිරීම හා පොළ භූමියේ ඉදිවන මාළු වෙළෙඳපොළේ ඉදිකිරීම් කඩිනම් කිරීම, නගරයට බලපාන ගංවතුර තර්ජනය අවම කිරීමට කූබිච්චන් කුලම වැවේ වැඩි වතුර කඩිනමින් ඉවත් කිරීම සඳහා අවශ්‍ය සොරොව්වක් ඉදිකිරීම, යෝජිත රංග ශාලාවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා ගැනීම ආදි කරුණු මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
යෝජිත ව්‍යාපෘති සඳහා 2016 වසරට සැලසුම් සකස් කර අවශ්‍ය ප‍්‍රතිපාදන ප‍්‍රමාණයක් දන්වන ලෙස ද ප‍්‍රධාන අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් දුන්නේය.
කඩ පනහ, කූබිච්චන් කුලම ආදී නගරයට අයත් වන වැව්වල සීමා නිර්ණය කිරීමට පියවර ගන්නා ලෙස වාරිමාර්ග ඉඩම් හා ග‍්‍රාම සංවර්ධන පළාත් අමාත්‍ය එච්. බී. සේමසිංහ මහතා විසින් කරනු ලැබූ ඉල්ලීම අනුව ඉදිරි කටයුතු කිරීමටද එහි දී තීරණය විය.
මෙම සාකච්ඡාවට නගරාධිපති එච්.පී. සෝමදාස, නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, නාගරික කොමසාරිස් රෝහණ ධර්මදාස මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
NDH