නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සංහිඳියාව සඳහා සර්ව ආගමික සමුළුවක්

    අප්‍රේල් 01, 2015
    උතුරු නැගෙනහිර  පැවැති යුද්ධය අවසාන වීමෙන් පසු එම පළාත්වල ජනතාව මුහුණ දෙන ජීවන ගැටලු නිරාකරණය කිරීම සඳහා  ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජාතික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම උදෙසා ක්‍රියාත්මක වන සර්ව ආගමික සමුළුව අද (01) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත් විණි.
     
     කෝට්ටේ පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්, කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමන්,කෝට්ටේ නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්, ඩුලිප් ඩී. සිගේරා පියතුමා, ගුණානන්ද ෂර්මා කුරුක්කල්තුමා ඇතුළු ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් නැවත පදිංචි කිරීමේ හා හින්දු කටයුතු පිළිබඳ අමාත්‍ය ඩී.ඇම්. ස්වාමිනාදන් මහතා සහ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ මෙම සමුළුව පැවැත්විණි.
     
    මෙහිදී, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් අධිකරණය විසින් දඬුවම් ලබා දී ඇති සිරකරුවන් පිළිබඳව හා උතුරේ පාරම්පරික ඉඩම් අයිතිකරුවන් වු ජනතාව යලි පදිංචි කරවීම සම්බන්ධව පැන නැගි ඇති ගැටලුවලට නව රජය විසින් ලබා දුන් විසඳුම් පිළිබඳව අමාත්‍යවරුන් මෙහිදී පැහැදිලි කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya