නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෛත්‍රී පාලනය යටතේ ජනතාවට නිදහස හිමි වුණා -සමෘද්ධි අමාත්‍ය

    මාර්තු 14, 2015

    රාජපක්ෂ පාලන සමයේදී රටේ ජනතාවට හිමිවූයේ මිලිටරිකරණය බවත් මෛත්‍රී පාලනය යටතේ රටේ ජනතාවට මේ වන විට හිමි වී ඇත්තේ ජනතා නිදහස බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.


    මුහුදේ පාවෙන අවිගබඩා යුගය වෙනුවට යහ පාලනය තුළ රට ගොඩනගන සම්පත් රටේ ජනතාවට අත්වන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. හෙතෙම මෙම අදහස් පළකලේ “ සසුනට අරුණ“ වැඩසටහන යටතේ තිස්සමහාරාම, දෙබරවැව, ගැමුණුපුර ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට පසුගිය දා සහභාගි වෙමිණි.

    සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්එම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් 92,000ක් වටිනා සිමෙන්ති කොට්ට 100ක් මෙහිදී ප්‍රදානය කෙරිණ.

    එමෙන්ම දෙබරවැව, ගැමුණුපුර ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ ඉදිකෙරෙන චෛත්‍ය රාජයාණන් වහන්සේගේ අත්තිවාරම් දැමීමේ කටයුතු ද අමාත්‍යවරයාගේ මුලිකත්වයෙන් මෙදින සිදුකෙරිණ.

    මෙම අවස්ථාවට අතිගෞරවනීය මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ. ඊට අමතරව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, දකුණු පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රදේශීය දේශපාලන නියෝජිතයෝ,ප්‍රදේශවාසිහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.

     

    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya