ආර්ථික ප්‍රකෘතියේ සහ ස්ථාවරත්වයේ කැපී පෙනෙන ප්‍රවර්ධනයක් සනිටුහන් කරමින් අර්බුදයේ සිට ප්‍රකෘතිමත්වීම පිළිබඳ දෙවන ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (31) කොළඹදී පැවැත්විණි.
අද්‍යතන ලෝක අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකස් කර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස පියවර ගැනීමට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් සහ එම අනුකමිටුවට සහාය වීම සදහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයන් 25 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත්කළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සදහා ශ්‍රී ලංකාවේ 65% පමණ වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මහත් ශක්තියක් බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (31) යුරෝපා පාර්ලිමේන්තු දූත පිරිසක් සමග වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවති ද්වීපාර්ශවීය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.