මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කුඩා නගර සංවර්ධන සඳහා ඉදිකරන ව්‍යාපෘති නියමිත ප්‍රමිතියට සිදු කිරීමටත් ,එමෙන් ම සියලු ම ව්‍යාපෘතින් මෙම වස‍රේ දෙසැම්බර් මස අවසානයට පෙර නිම කිරීමටත් කටයුතු කරන ලෙස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඩී.ජී.එම්.වී හපුආරච්චි මහතා දැනුම් දී තිබේ.

    කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය SMILE ණය යෝජනා ක්‍රමය ආරම්භ කළ බවත්, එම ව්‍යාපෘතියේ චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් 2,575 ක් සඳහා, රුපියල් කෝටි 1,080 ක් පමණ ණය මුදල් ලබා දී තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    බදු ගෙවීම සිය ආදායම මංකොල්ල කෑමක් ලෙස නොව, සමාජ වගකීමක් ඉටු කිරීමක් ලෙස දැකිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. නිදහස් සෞඛ්‍ය, අධ්‍යාපනය, සමෘද්ධිය, පොහොර සහනාධාර ඇතුළු සියලු ම දේ ජනතාව ලබාදෙනු ලබන්නේ මෙම බදු ආදායමෙන් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    සාමය ජාතික සංහිඳියාව සහ සහජීවනය තුළින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම තේමා කරගනිමින් ''අහන්න''වැඩසටහනේ පාසල් මට්ටමෙන් සිසුන් දැනුවත් කිරීමේ තෙවැනි වැඩසටහන අද (17) පාදුක්ක ගලගෙදර කණිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya