මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති පෞද්ගලික ලේකම් ලෙස පාලිත පැල්පොල මහතා

    ජනවාරි 14, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පෞද්ගලික් ලේකම්වරයා ලෙස පාලිත පැල්පොල මහතා පත් කර ඇත. පාලිත පැල්පොල මහතා ඊයේ (13) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය භාර ගත්තේය.

    රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු රැසක් හොබවා ඇති පාලිත පැල්පොල මහතා හිටපු අමාත්‍ය දිවංගත ගාමිණී දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය.

     

    පාලිත පැල්පොල මහතා මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් ද කටයුතු කර ඇති අතර, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කර ඇත. අනතුරුව ගාමිණී දිසානායක මහතා විපක්ෂ නායකවරයා ලෙස සිටි අවධියේ එතුමාගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ ද පාලිත පැල්පොල මහතා ය.

     

    ලීඩර් පබ්ලිකේෂන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කළ පාලිත පැල්පොල මහතා ෆීනික්ස් ඔගිල්වි (Phoenix Ogilvy) ආයතනයේ ඉංග්‍රීසි මාධ්‍ය ලේඛකවරයෙකු වශයෙන් ද කටයුතු කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya