මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාප් වහන්සේගේ ආශිර්වාදය වෙනුවෙන් ජනපති සතුට පළ කරයි

    ජනවාරි 14, 2015

    තමන් ජනාධිපති ධූරයේ කටයුතු ආරම්භ කරන අවස්ථාවේ ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශී‍්‍ර ලංකා සංචාරය එතුමන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට ලැබුණු අවස්ථාවක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේය.


    පාප් වහන්සේ පිළිගනිමින් කතා කළ ජනාධිපතිතුමා උන්වහන්සේට ශී‍්‍ර ලංකාව තුළ ඉතා ඵලදායී හා අමතක නොවන සංචාරයක් ප‍්‍රාර්ථනා කළ අතර ශී‍්‍ර ලාංකීය ජනතාවගේ සාමය, අභිවෘද්ධිය හා සෞභාග්‍ය උදෙසා යාඥා කරන මෙන් ඉල්ලා සිටියේය.

    ඊයේ (13) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පාප් වහන්සේ පිළිගනිමින් ජනාධිපතිතුමා කළ සම්පූර්ණ කතාව මෙසේයි.

    "මාගේ රජයත්, ශී‍්‍ර ලංකාවේ ජනතාවත් වෙනුවෙන් ඔබ වහන්සේ පිළිගැනීමට ලැබීම ඉමහත් පී‍්‍රතියකි . ඔබ වහන්සේගේ ආසියානු ධර්මදූත සංචාරය ශී‍්‍ර ලංකාවෙන් ආරම්භ කිරීම ඇත්ත වශයෙන්ම සැලකිය යුතුය. මීට දින කිහිපයකට පෙර ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස මා තේරී පත් වූ හෙයින් ඔබ වහන්සේගේ සංචාරය මට පෞද්ගලිකව ද ඉතා වැදගත්ය.

    ඔබ වහන්සේගේ ආගමනය මා ජනාධිපති ධූරයේ කටයුතු ආරම්භ කරන අවස්ථාවේ ඔබ වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමට ලද මහඟු අවස්ථාවකි.

    කුරිරු ත‍්‍රස්තවාදී අර්බුදයක් පරාජය කිරීමෙන් අනතුරුව මගේ රජය අපේ ජනතාව අතර සාමය හා මිත‍්‍රත්වය වර්ධනය කරමින් සිටියි. අපේ ශතවර්ෂ ගණනාවක් පැරණි ආගමික උරුමය මත පදනම් වූ ආගමික, සාධාරණ හා සහජීවනය පිළිබඳ විශ්වාස තබන ජනතාවක් අපට ඇත.

    ඉන්දියාවෙන් පැමිණි කතෝලික මිෂනාරිවරයෙකු වන ජෝශප් වාස් පියතුමා ලංකාවේ පළමු සාන්තුවරභාවයට එසවීම පිළිබඳව මම අතිශයින්ම සතුටට පත්වෙමි. එතුමා මේ රටේ කතෝලික විශ්වාසයේ වර්ධනයට සුවිශේෂී දායකත්වයක් සපයා තිබේ.

    අපේ රටවල් දෙක ලොව ප‍්‍රධාන ආගම්වලින් දෙකක් වන කිතු දහම හා බුද්ධාගම පෝෂණය කිරීමට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කොට ඇත.

    ශී‍්‍ර ලංකාව හා ශුද්ධ වූ වතිකානය අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට මම බලාපොරොත්තු වෙමි.

    ශී‍්‍ර ලාංකීය රජය හා ජනතාව වෙනුවෙන් ඔබ වහන්සේට අපේ සුන්දර රට තුළ ඉතා ඵලදායී හා අමතක නොවන සංචාරයක් මම ප‍්‍රාර්ථනා කරමි. ශී‍්‍ර ලාංකීය ජනතාව උදෙසා ඔබ වහන්සේගේ ආශිර්වාදය බලාපොරොත්තු වන මම සාමයේ අභිවෘද්ධිය හා අපේ ජනතාවගේ සෞභාග්‍ය වෙනුවෙන් යාඥා කරන මෙන් ඉල්ලා සිටිමි".

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya