මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති විහාරස්ථාන කිහිපයක ආගමික වතාවත් හි

    ජනවාරි 15, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (14) කෝට්ටේ ශ්‍රී නාග විහාරය, හුණුපිටිය ගංගාරාමය සහ බම්බලපිටිය සිරි වජිරාරාමය යන විහාරස්ථාන වෙත ගොස් ආගමික වතාවත් හි නිරත ව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.
     
    ප්‍රථමයෙන් ම කෝට්ටේ ශ්‍රී නාග විහාරය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත් හි නිරත ව ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ බැහැ දැක්කේය. එහිදී මහා සංඝරත්නය ජනාධිපතිතුමා වෙත සුබ පැතුම් පළ කළහ.
     
    අනතුරුව හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ගලබොඩ ඥානීස්සර ස්වාමීන් වහන්සේ බැහැදැක සුහද පිළිසඳරක නිරත වූයේය. උන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය එම අවස්ථාවේ දී සෙත් පිරිත් සජ්ඣායනා කොට ජනාධිපතිතුමා වෙත ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පළ කළහ.
     
    අනතුරුව ජනාධිපතිතුමා බම්බලපිටිය සිරි වජිරාරාමය වෙත ගොස් ආගමික වතාවත් හි නිරත ව පූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද අනුනාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ.
     
    DB
     
    03
     
    04

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya