මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගනී

    ජනවාරි 15, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විහාරස්ථාන කිහිපයකට ගොස් මහා සංඝරත්නය හමු වී ආශිර්වාද ලබා ගත්තේය.
     
    නුගේගොඩ පාගොඩ ශ්‍රී විද්‍යා විජයාරාමය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත, රාජකීය පණ්ඩිත දවුල්දෙන ඥානිස්සර මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය.
     
    අනතුරුව ජනාධිපතිතුමා පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක මහා විහාරය වෙත ගොස් සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
     
    පසුව කලපලුවාව ගෝතම තපෝවනය වෙත ගිය ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක දොඩම්පහල චන්ද්‍රසිරි නායක හිමිපාණන් වහන්සේ ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
     
    බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත ද ගිය ජනාධිපතිතුමා, ආගමික වතාවත්වල නිරතව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. විහාරස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සෙත්පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද පළ කළ මහා සංඝරත්නය ජනාධිපතිතුමා වෙත ශුභාශිංසන පළ කළහ.
     
    DB
     
    02 2
     
    07
     
    08

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya