මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාප් වහන්සේට සමුදීම සඳහා ජනපති කටුනායක ගුවන්තොටුපළට

    ජනවාරි 15, 2015
    නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට සැපැත් වූ අති උතුම් ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සංචාරය නිම කරමින් අද (15) දිවයිනෙන් පිටත් ව යන සමුදීමේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක් විය.
     
    එම අවස්ථාවේ දී පාප් වහන්සේගේ සංචාරය සිහිවටන ඇතුළත් ඡයාරූප ඇල්බමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් උන්වහන්සේ වෙත පිළිගන්වන ලදී.
     
    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, මුදල් අමාත්‍ය රවි කරුණානායක, මහජන සාමය හා ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, රාජ්‍ය පාරිපාලනය හා ප්‍රජාතන්ත්‍රීය පාලනය සහ බුද්ධශාසන අමාත්‍ය කරු ජයසූරිය, ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමත්‍ය රිෂාඩ් බදියුදීන් මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු විශාල පිරිසක් එක් ව සිටියහ.
     
    DB
     
    02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya