මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති උපදේශකවරුන් තිදෙනෙකු පත් කෙරේ

    ජනවාරි 16, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඔස්ටින් ප්‍රනාන්දු, තිලක් රණවිරාජා, ඩබ්.ජේ.එස්. කරුණාරත්න යන මහත්වරු ජනාධිපති උපදේශකවරුන් ලෙස පත්කරනු ලැබ ඇති අතර ඊයේ (15) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඔවුහු ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපි භාර ගත්හ.
     
    රාජ්‍ය සේවයේ පරිනත අත්දැකීම් බහුල ඔස්ටින් ප්‍රනාන්දු මහතා හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කර ඇත.
     
    දශක කිහිපයක් රජයේ උසස් තනතුරු හෙබ වූ ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන තිලක් රණවිරාජා මහතා මහජන ආරක්ෂාව, නීතිය හා සාමය, ජනමාධ්‍ය, තැපැල් හා විදුලි සංදේශ, වෛද්‍ය හා දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, මහවැලි, වාරිමාර්ග, විදුලිබල හා බලශක්ති ඇතුළු අමාත්‍යංශ රැසක ලේකම්වරයා වශයෙන් ද, අනතුරුව ඒ මහතා ජාත්‍යන්තර ආයතන රැසක ද උසස් තනතුරු හොබවා ඇත.
     
    පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන ඩබ්.ජේ.එස්. කරුණාරත්න මහතා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණියගේ ලේකම්වරයා ලෙස හා කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් ද කටයුතු කර ඇත.
     
    DB
     
    HE NEW APPOINMENT CONSULTION 1
     
    HE NEW APPOINMENT CONSULTION 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya