මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා චමින්ද සිරිමල්වත්ත

    ජනවාරි 16, 2015
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් චමින්ද සිරිමල්වත්ත මහතා පත් කර ඇත. ඒ මහතා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය භාර ගත්තේ ය.
     
    ජනාධිපතිතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වසර අටක පලපුරුද්දක් ඇති චමින්ද සිරිමල්වත්ත මහතා පාසල් වියෙන් පසු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ දේශපාලන කටයුතු සඳහා කි‍්‍රයාකාරීව එක් විය. සිරිමල්වත්ත මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා තරුණ සංවිධානයේ උප ලේකම්වරයෙකු ද වේ.
     
    මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මහවැලි සංවර්ධන සහ රජරට අමාත්‍යංශයේ අමාත්‍යවරයාව සිටි අවධියේ සම්බන්ධීකරණ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සිරිමල්වත්ත මහතා අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ධූරයකට පත් වූ ලාබාලතම ලේකම්වරයා විය. සිරිමල්වත්ත මහතා පරිසර අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා වශයෙන් ද අනතුරුව කෘෂිකර්ම අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා වශයෙන් ද කටයුතු කරනු ලැබීය. ඉන්පසු කෘෂිකර්ම අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළ චමින්ද සිරිමල්වත්ත මහතා 2010-2011 කාල වකවානුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා ද විය.
     
    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya