මේ වනවිට රට පුරා ප්‍රදර්ශනය කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඡායාරූප ඇතුළත් පුවරු සහ බැනර් සියල්ල ඉවත්කරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන් ම එම බැනර් සහ ඡායාරූප සහිත පෝස්ටර් ඉවත් කරගත යුත්තේ ඒවා ප්‍රදර්ශනය කළ පුද්ගලයන් විසින් ම වේ. ඉදිරියේ දී තම රුව සහිත පුවරු ප්‍රදර්ශනය නොකරන ලෙස ද ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි. DB