මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක ප්‍රධානීන් නව ජනාධිපති හමුවේ

    ජනවාරි 12, 2015
    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද , නාවික, ගුවන්  හමුදාපතිවරු සහ පොලිස්පති පසුගිය සෙනසුරාදා කොළඹ පිහිටි රජයේ අමාත්‍යවරුන්ගේ නිල නිවාසයේදී සන්නද්ධ හමුදාවේ සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සම්ප්‍රදායිකව සුබපැතීම සිදු කළහ.
     
    මේ සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක,  නාවික හමුදාපති  වයිස් අද්මිරාල්  ජයන්ත පෙරේරා,  ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරු සහභාගී වූහ.  එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පති වෙත රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා දැක්වූ සහයෝගය පිළිබඳ ස්තුතිය පිරිනමන ලදී.
     
    මෙම අවස්ථාව සඳහා  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය මහතා ද සහභාගී විය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya