මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ජනපතිට අස්ගිරි - මල්වතු මහා නායක හිමිවරුන්ගෙන් ආශිර්වාද

    ජනවාරි 11, 2015

    නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (11) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.


    ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ආගමික වතාවත්වල පිහිටවූ මාහිමිපාණන් වහන්සේ නව ජනාධිපතිතුමාට හා අග්‍රාමාත්‍යතුමාට ආශීර්වාද පළ කළහ.


    ඉන්පසු අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට ද කටයුතු කළේය.


    හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය. ‍

     

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya