මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහා සංඝරත්නය 6000කගේ සහභාගිත්වයෙන් ජය පිරිතක්

    ජනවාරි 07, 2015
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආශිර්වාද පළ කරමින් විශේෂ ජය පිරිත් සජ්ඣායනයක් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
     
    දිවයිනේ සතර දෙසින් වැඩම කරන ලද මහා සංඝරත්නය හයදහස් පමණ මීට එක්ව සිටි අතර පෙරහරින් අරලියගහ මන්දිර පරිශ්‍රය වෙත වැඩම කළ උන්වහන්සේලා ජය පිරිත් දේශනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාදය පළ කළහ.
     
    මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම, ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න, විද්‍යෝදය පරිවේණාධිපති පූජ්‍ය ආචාර්ය බලංගොඩ සෝභිත, පූජ්‍ය මහාචාර්ය කෝංගස්තැන්නේ ආනන්ද, පූජ්‍ය පල්ලත්තර සුමනජෝති, පූජ්‍ය දිවියාගල යසස්සි ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය මීට වැඩම කර සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya