මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගනී

    ජනවාරි 07, 2015
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (06) උදෑසන අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
     
    අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය එහිදී ජය පිරිත් දේශනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
     
    රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි සහ මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණ වැවේ ඥානතිලක, ලංකාරාම විහාරාධිපති පූජ්‍ය රැළපනාවේ ධම්මජෝති, ජේතවන විහාරාධිපති පූජ්‍ය හල්මිල්ලෑවේ රතනපාල, අභයගිරි විහාරාධිකාරී පූජ්‍ය කල්ලංචියේ රතනසිරි නායක ස්වාමීන් වහන්සේලා ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.
     
    ජනාධිපතිතුමා උන්වහන්සේලාගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක ද නිරත විය.
     
    ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගැනීමට පැමිණ සිටි සැදැහැවත් ජනතාව අතර ගිය ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසීමට ද අමතක නොකළේය.
     
    අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya