මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මොනරාගල, බුත්තල පොතුබද්දර රජමහා විහාරයේ ආගමික වතාවත්වල

    ජනවාරි 05, 2015
    මොනරාගල, බුත්තල පොතුබද්දර රජමහා විහාරය වෙත අද (05) පෙරවරුවේ ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
     
    විහාරස්ථානයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා ප්‍රථම මල් පූජාව සිදු කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    අනතුරුව විහාරාධිපති පූජ්‍ය මහවෙල ශ්‍රී දේවරක්ඛිත ජිනරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසා කෙටි පිළිසඳරක ද නිරත විය.
     
    උන්වහන්සේ ඇතුළු එම අවස්ථාවට වැඩම කර සිටි ප්‍රදේශයේ මහා සංඝරත්නය ජය පිරිත් දේශනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
     
    ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් විහාරස්ථානය වෙත රැස්ව සිටි අතර ජනාධිපතිතුමා ඔවුන් සමඟ ද සුහද කතාබහක නිරත විය.
     
    NDH/pmu_pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya