මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාදම් සිසිලස 131 වැනි ධර්ම දේශනාව අද අරලියගහ මන්දිරයේදී

    ජනවාරි 04, 2015

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහසකට අනුව සෑම පුන් පොහෝ දිනක ම පවත්වනු ලබන අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 131 වැන්න අද (04) දුරුතු පුර පසළොස්වක පෝදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.

    බුදුදහමේ සිසිලස සැමට බෙදා දීමේ උදාර අරමුණ පෙරදැරි කර ගනිමින් ජනාධිපතිතුමන් එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි අවධියේ පටන් පවත්වා ගෙන එනු ලබන මෙම ධර්ම දේශනා මාලාවේ මෙවර ධර්ම දේශනාව පවත්වනු ලැබූවේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ විධායක සභික හා සංවිධායක රත්මලේ, බඹරැන්ද, කුරුඹු‍රේ පූර්වාරාම රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය දොඩම්පහළ රාහුල ස්වාමීන් වහන්සේ විසිනි.

     

    මෙම අමාදම් සිසිලස ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය සහ සැදැහැවත්හු රැසක් එක් ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya