මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පොලොන්නරුවේ නිරීක්ෂණ චාරිකාවක

    ජනවාරි 02, 2015

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද (02) පෙරවරුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්වූ ගොවි බිම් හා වැව් අමුණු නිරීක්ෂණය කරන ලදී.

    ලංකාපුර ප්‍රාදේශීය කොට්ඨාසයේ ගල්අමුණ හා වැලිඇල යන ප්‍රදේශවල කුඹුරු, ඉඩම් හා පාලම් ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

     

    වාන් ඇලවල් හි අනවසර ඉදිකිරීම් ඇතුළු බාධක ඉවත්කොට ජලය බැසයාමට සුදුසු ලෙස සකස් කරන ලෙසත් හානි වූ කුඹුරු ඉඩම් සඳහා කඩිනමින් වන්දි ලබා දීමට කටයුතු කරන ලෙසත් අදාළ අමාත්‍යාංශ වෙත උපදෙස් ලබා දුන් බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.

     

    මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙ හි උසස් නිලධාරීන් ද නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්, චන්ද්‍රසිරි සූරියආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ හා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.

    MAP/WS_dmu_polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya