මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව වසරට ආශිර්වාද ලබාගැනීමට ජනාධිපතිතුමා කතරගම පුදබිමට යයි

    ජනවාරි 01, 2015

    නව වසර උදාවත් සමඟ ම ඊයේ (31) රාත්‍රියේ ඓතිහාසික කතරගම පුදබිම වෙත ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ආගමික වතාවත්වල නිරත විය.


    පළමුව ඓතිහාසික කිරිවෙහෙර සමිඳුන් වැඳපුදා ආශීර්වාද ලබාගත් ජනාධිපතිතුමා අනතුරුව කතරගම මහසෙන් මහා දේවාලයේ පැවති විශේෂ පූජාවකට ද එක් විය.


    කිරිවෙහෙර සමිඳුන් වැඳ පුදා ගන්නට පැමිණ සිටි ජනතාව සමඟත් කථාබහක නිරත වූ ජනාධිපතිතුමා උදා වූ නව වසරට ඔවුන්ට තම සුබපැතුම් පිරිනැමීය.


    ශ්‍රීලනිප නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අනුස්මරණය කරමින් සෑම වසරකම දෙසැම්බර් 31 වැනි දිනකම කතරගම පුදබිමේ පැවැත්වෙන පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටද ජනාධිපතිතුමා එක් විය.

     

    ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය ද කතානායක චමල් රාජපක්ෂ, කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, පා.ම. නාමල් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


    නව වසරට ආශිර්වාද ලබාගැනීමට අතිවිශාල බැතිමතුන් පිරිසක් ඊයේ කතරගම පුදබිමට පැමිණ සිටි අතර ඔවුනතරට ද ගිය ජනාධිපතිතුමා ඔවුන්ට ද උදා වූ නව වසරට ආසිරි පැතීය.

     

    pmu_Pix By : Sudath Silva

    HE at kataragama

     

    HE at kataragama 1

     

    HE at kataragama 2

     

    HE at kataragama 3

     

    HE at kataragama 4

     

    HE at kataragama 5

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya