මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ රටේ මුස්ලිම් ජනතාව අපෙන් ඈත් කිරීමට කාටවත් බෑ - ජනපති

    ජනවාරි 01, 2015

    මේ රටේ මුස්ලිම් ජනතාව තමාගෙන් ඈත් කිරීමට ඇතැමුන් දරණ උත්සාහයන් කවදත් පරාජය වූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    ඉතිහාසයේ පටන් එම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වූ බව ද සිහිපත් කළ ජනාධිපතිතුමා මෙවර ජනාධිපතිවරණයේ දී එම වැඩපිළිවෙළ නැවත හිස එසෙව්ව ද මේ රටේ මුස්ලිම් ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය පළුදු කිරීමට කිසිදා කිසිවෙකුට නොහැකි බව ද අවධාරණය කළේය.

     

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේ මුස්ලිම් සිංහල එකමුතුව විසින් සංවිධානය කරන ලද අසාන් තරගාවලියේ (මුස්ලිම් බැතිමතුන්ගේ දිනපතා අසාන් හෙවත් බාංගු දේවාරාධනාව පිළිබඳ තරගයේ) අවසන් වටයේ ජයග‍්‍රාහකයින්ට ත්‍යාග ප‍්‍රදානය කිරීමට ඉකුත් 30 වැනිදා පස්වරුවේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේ පැවති උත්සවයට එක් වෙමිනි.

     

    රජයක් ලෙස මේ රටේ සියලු ජාතින්ගේ මෙන්ම ආගමිකයින්ගේ අයිතින් සුරක්ෂිත කිරීමට වත්මන් රජය බැඳී සිටින බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා සෑම ජන කොටසකගේ ම ඉල්ලීම්වලට ඇහුම්කන්දීමට රජය සෑම අවස්ථාවකම කටයුතු කළ බව කියා සිටියේය.

     

    පලස්තීන මිත‍්‍ර සංගමයේ සභාපතිවරයා වශයෙන් එදා මේ රටේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් පමණක් නො ව ජාත්‍යන්තරයේදීම ඔවුන්ට වන අසාධාරණය වෙනුවෙන් තමා හඬ නැගූ අයුරු මේ රටේ මුස්ලිම් ජනතාවට අමතක නොවන බව ද පැවසූ ජනාධිපතිතුමා එදා එම ජනතාව වෙනුවෙන් පෙනී සිටි තමන් ඉදිරියට ද එම ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බව වැඩිදුරටත් අවධාරණය කළේය.

     

    ආචාර්ය අබ්දුල් කාදර් මසූර් මව්ලවිතුමා විසින් මෙම හමුව සංවිධානය කර තිබූ අතර සවුදි අරාබියේ ඉෂානියා විශ්වවිද්‍යාලයේ උප කුලපති අෆිෂෙයික් සාරූත් මහතා ඇතුළු ආරාධිත පිරිසක් එක් ව සිටියහ.

     

    priu_Pix By : Sudath Silva

    All-Island Adhan Competition Awards Ceremony in HE 1

     

    All-Island Adhan Competition Awards Ceremony in HE 2

     

    All-Island Adhan Competition Awards Ceremony in HE 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya