මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැඩි අධිෂ්ඨානයෙන් හා ඉවසීමෙන් කටයුතු කර ගොඩනැඟු මාතෘභූමිය සුරක්ෂිත කොට ලොව දිනීම නව වසරේ ප‍්‍රාර්ථනාව යි - ජනපති

    ජනවාරි 01, 2015

    දැඩි අධිෂ්ඨානයෙන් හා ඉවසීමෙන් කටයුතු කර ගොඩනැඟු මාතෘභූමිය සුරක්ෂිත කොට ලොව දිනීම ලැබු නව වසරේ ප‍්‍රාර්ථනාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

    උදා වු 2015 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිතුමා වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

     

    ජාතිය නැංවීමේ අනාගත බලාපොරොත්තු රාශියක් සමඟ එළඹෙන්නා වු 2015 නව වසර අපි පිළිගනිමු. අප නව වසරට පා තබන්නේ ඒ ප‍්‍රාර්ථනා ඉටුකර ගැනීම සඳහා කැපවීමේ දැඩි අධිෂ්ඨානයෙනි.

     

    ගෙවී ගිය දශකයේ සෑම වසරකම ආරම්භයේ ඇතිකරගත් ප‍්‍රාර්ථනා එලෙසින්ම ඉටුකර ගැනීමට අපට හැකි විය. සිය වසක වැඩ ගෙවී ගිය දස වසකට ආසන්න කාලයකදී ඉටු කර ජාතිය ගොඩනැංවීමට අපට හැකි විය.

     

    ඒ සියල්ල රැකගෙන සුරක්ෂිත රටක් ගොඩනැගීම අප ඉදිරියේ ඇති වගකීම ය. ඒ සඳහා ඇති අභියෝග ඉමහත් ය.

     

    අපරිමිත කැපකිරීම් කොට පරාජය කළ බෙදුම්වාදය නැවත නැවතත් නොයෙක් වෙසින් හිස ඔසවයි. බෙදුම්වාදයට ජවය සපයන වෛරී දේශපාලනයෙන් ඈත්වීම අපගේ අලුත් අවුරුදු ප‍්‍රාර්ථනා අතරට එක් විය යුතුය. ජාතික සමඟියත් රටේ ස්වෛරීභාවයත් අගයන සියල්ලෝ එක්සත්ව එක්සිත්ව දැයේ සුරක්ෂිත බව ඇති කිරීමට දූරදර්ශී විය යුතුය.

     

    දිනා දුන් රට කිසිවෙකුටත් පසුපසට ඇද දැමීමට මම ඉඩ නොතබමි. ජනතාවගේ සැබෑම අපේක්ෂාව ඒ රට සුරක්ෂිත වනු දැකීමය.

     

    දැඩි අධිෂ්ඨානයෙන් හා ඉවසීමෙන් කටයුතු කර ගොඩනැඟු මාතෘභූමිය සුරක්ෂිත කොට ලොව දිනීම ලැබූ නව වසරේ ප‍්‍රාර්ථනාව ය. ජාතියේ ජයග‍්‍රාහී වසරක් බවට මෙම වසර පත්කිරීමට ඔබසැමට ශක්තිය ධෛර්යය ලැබේවා! යි ප‍්‍රාර්ථනා කරමි.

     

    ලැබුවා වූ නව වසර ඔබ සැමට සුබ නව වසරක් වේවා! යි ප‍්‍රාර්ථනා කරමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya