මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දවුල්දෙන ශ්‍රී ඤාණීස්සර නා හිමියන්ට ජනපතිගෙන් ජන්මදින සුබපැතුම්

    දෙසැම්බර් 31, 2014
    අද (31) දින සියවන ජන්මදිනය සමරන ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක භාෂාන්තර විශාරද අග්ගමහා පණ්ඩිත අතිගෞරවාර්හ දවුල්දෙන ඤාණීස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය ජන්මදින සුභාශිංසන පිරිනැමීය.
     
    උන්වහන්සේට උපහාර පුදකිරීමට අද (31) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උපහාර උළෙලට එක් වූ ජනාධිපතිතුමා උපහාර තිළිණ පිළිගන්වමින් උන්වහන්සේට සිය සුබපැතුම් එක්කළේය.
     
    අනතුරුව උන්වහන්සේගේ සුවදුක් විමසූ ජනාධිපතිතුමා නිදුක් නිරෝගී මෙන් ම දීර්ඝායුෂ ද ප්‍රාර්ථනා කළේය.
     
    අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ, මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද මේ අවස්ථාවට වැඩම කර සිටියහ.
     
    සබරගමුව පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
     
    NDH/pmu_pix by Sudath Silva
     
    02 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya