මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාරුණ්‍යයට හෙටක් සහ තිලංග සුමතිපාල පදනමෙන් වෛද්‍ය සායනයක්

    දෙසැම්බර් 30, 2014
    "තාරුණ්‍යයට හෙටක්" සංවිධානය "තිලංග සුමතිපාල පදනම" එක් ව සංවිධානය කළ වෛද්‍ය සායනයක් ඊයේ (29) දිනය පුරා බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැති අතර එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද එක් විය.
     
    අක්ෂි සායන, වෛද්‍ය සායන ඇතුළු සියලු වෛද්‍ය පහසුකම් එම සායනයේ දී ලබා ගැනීමට හැකි වූ අතර කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් එය මෙහෙයවනු ලැබීය.
     
    සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් මහතා සහ නිළි ජැකලින් ෆර්ඩිනෑන්ඩස් මෙනවිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, නාමල් රාජපක්ෂ, කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya