මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහන සැලසීමට ජනපති මෙහෙයුම් කමිටුවක්

    දෙසැම්බර් 29, 2014
    පවතින අයහපත් කාලගුණය හමුවේ ගංවතුර සහ නායයෑම් තත්ත්වයන්ගෙන් විපතට පත් ව සිටින සහ අවතැන්ව සිටින සියලු දෙනාට ඉතා කඩිනමින් සහන සැලසීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක් පත් කරනු ලැබ තිබේ.
     
    මේ පිළිබඳ ව විශේෂ රැස්වීමක් පසුගිය දින ආරක්‍ෂක හමුදා මාණ්ඩලික ප‍්‍රධානී කාර්යාලයේ දී පැවැත්විණි.
     
    පවතින තත්ත්වය හමුවේ විපතට පත් ව සිටින පිරිස වෙනුවෙන් ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට මෙම ජනාධිපති කාර්යසාධක බලකායේ කාර්යය වී පවතී. ජනාධිපති ලේකම්වරයාගේ ඉල්ලීම මත රැස්වීමේ මුලසුන දැරූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා මේ වනවිට පවතින තත්ත්වය පිළිබඳ ව සමාලෝචනයක් සිදු කළ අතර මේ වන විට ද පරිපාලන අමාත්‍යංශ ලේකම්වරුන් සහ දිසාපතිවරුන්ගේ සම්බන්ධතාවෙන් සහන සැලසීමේ කටයුතු සිදුකරන බවත් ඕනෑ ම අවස්ථාවක තවදුරටත් ත්‍රිවිධ හමුදාව සහ පොලිස් දෙපාර්තමේන්තු නිලධාරීන් සහන කටයුතු සඳහා සුදානමින් සිටින බවත් පැවසීය.
     
    ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත‍්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයා කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya