මේ රට 2005දී නිදහස් කර දෙන්න කිව්වේ හැමෝම එකතු වෙලා. කොටි ගහනවා. නිදහසක් නැහැ. මෙවැනි යුගයක් පහු කරලා අවුරුදු 30ක් බැරි වුණ දේ අවුරුදු හතර හමාරකින් ඉවර කළා. මඩු පල්ලි යන්න බැරිවුණා, මුහුදු යන්න බැරි වුණා. ඒක දැන් අමතක වෙලා. නොරොච්චෝලේ හදන වෙලාවේ ලොකු විරෝධයක් ආවත් ඒ නිසා මේ ප්‍රදේශය දියුණු වෙනවා කිව්වහ ම ඒකට ඉඩ දුන්නා. එදා ගොවියෝ කිව්වේ විදුලිය දෙන්න කියලා. දැන් ධීවරයෝ කියන්නේ පිටරටින් එන නැව් ටික නවත්වන්න කියලයි. අපි රට සංවර්ධනය කළා. පිටරට බෙදුම්වාදීන් ඉන්නවා රජ කර ගෙන. ටී.එන්.ඒ. අයත් එක්ක හොර ගිවිසුම් ගහගෙන වැඩපිළිවෙළක් ගෙන යනවා. හැම සංවර්ධනය ම විවේචනය කරනවා. ඕක අපිට කළ හැකි කිව්වත් කවුරුවත් කළේ නැහැ. මිලියන 650ක් කොහේ ගියා ද දන්නේ නැහැ. නොරොච්චෝලේ සල්ලිත් නැහැ.
අද දේශපාලනය මඩ ගහන දේශපාලනයක් වෙන මොකුත් නැහැ. හැම සංවර්ධනයම විවේචනය. ඕක අපිට තුනෙන් එකෙන් කරන්න තිබුණා. කරේ නැහැ හැබැයි. මාව හේග්වලට ගෙනියන්න ඕනැලු. මම දන්නවා මේ රටේ ජනතාව ඉන්නකන් මාව හේග් ගෙනියන්න එයාලට හම්බවෙන්නේ නෑ. 2006දී දුම්පානය තහනම් පනත ගෙනාවේ. මම කවදාවත් මෛත්‍රීපාලට දොස් කියන්නේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ, ජනතා විමුක්ති පෙරමුණ කිව්වා. එයාලගේ මල්ලිලා ගැන, ගල් ගැන, වැලි ගැන, වී ගැන එයාලයි කිව්වේ. මේක ප්‍රතිපත්ති ප්‍රකාශයක්. පවුල්වාදය ගැන කතා කරනවා. එදා ඕකමයි එජාපය මැතිනියටත් කිව්වේ. මට මේ රට ම නෑයෝනේ. දෙමළ අයත් ඉන්නවා මුස්ලිම් අයත් ඉන්නවා. පාද යාත්‍රා, ජන ඝෝෂා අපි කළේ ප්‍රේමදාස යුගයේයි. අපි තමුන්නාසේලාට දුන්නු පොරොන්දු ඉටු කළා. මේ රට ඊළඟට හදන්නේ ඔබේ දරුවන්ට විනයක් තියෙන දරු පිරිසක් හදන්නයි. තරුණයෝ වෙනුවෙන් රටක් හදන්නයි. තරුණයෝ 150,000කට රැකියා දෙන්න මුදල් වෙන් කළා අයවැයෙන්. අද සමාගම් එනවා. ආයෝජකයන් එනවා රටට. නිදහස තියෙනවා. ප්රජාතන්ත්රවාදය තියෙනවා. විවේචනය කරන්න පුළුවන්. මේ වන්නියේ පවතින නියඟය පරාජය කරන්න කටයුතු කරනවා. ඔබේ දරුවන්ට ආරක්ෂා සහිත රටක් ලෝකය දිනන්න පුළුවන් දරු පරපුරක් හැදිය යුතුයි. ඒ සඳහා අප සමඟ එකතු වෙන්න කියා කියන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.
මේ අවස්ථාවේදී විද්‍යා හා තාක්ෂණ කටයුතු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මහතා පැවසුවේ, ලබන ජනවාරි 08 තීරණාත්මක අවධියක් අප රටේ ඉතිහාසයේ. මෙතෙක් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආපු ප්‍රගතශීලී, දේශහිතෛෂී අධිරාජ්‍ය විරෝධී ගමන දිගට ම පවත්වාගෙන යනවා ද ඔරලෝසුව ආපසු හරවලා මේ රට නැවත ඇමරිකාව ප්‍රධාන අධිරාජ්‍යවාදී රටවලට පාවා දෙනවාද යන්න තමුන්නාන්සේලාට තීරණය කරන්න වෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දෙන තත්ත්වයක් ගම් මට්ටමට ගිය විට දැක ගත හැකි බව ද අමාත්‍යවරයා අවධාණය කළේය.
අප රටේ ඉතිහාසය දෙස බැලූ විට බ්‍රිතාන්‍ය කෘර පාලන කාලයේ සිට ම අප රට ප්‍රගතශීලී බලවේග, සූරියමල් ව්‍යාපාරයෙන් අංග සම්පූර්ණ නිදහසක් ලබා ගැනීමේ සටන ආරම්භ කළා. එදා සමසමාජ නායකයන් හිරබත් කෑවා. එතෙන සිට ඒ සටන ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ, සම්පූර්ණ නිදහසක් ලැබුවේ 1972 ජනරජ ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ පසුයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අල්ල ගන්න කොටඅප රටේ ආර්ථිකය ඒ අයගේ බලයට යට කරගෙන තියෙද්දී අපේ රටේ ප්‍රගතශීලී, දේශහිතෛෂී සංවර්ධන ගමනක් ආරම්භ කළා. ඒ ගමන ඉදිරියට ගෙන ගිය නිසා අපේ රටේ නියම සංවර්ධනයක් ඇති වෙලා තියෙනවා. බ්‍රිතාන්‍ය බැංකු, වරාය, රක්ෂණ, බ්‍රිතාන්‍ය වතුකරය ජනසතු කර නියම සංවර්ධනයක් දියත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඒ ගමන තමා මේ ඉදිරියට යන්නේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අප රටේ යටිතල පහසුකම් දියුණු කර ඇති අයුරු අපට දැකිය හැකියි. යුද්ධය අවසන් කළේ එතුමාගේ නායකත්වයෙන්. අප රට නැවත එක්සේසත් කර අප ක්‍රමානුකූලව සංවර්ධන ගමනක් යන විට අප රට තුළ පාරවල්, ලයිට්, ජලය හැමෝට ම ලබා දෙනවා පමණක් නොව ඒ සමඟ මානව සම්පත් දියුණු කිරීමේ වැඩපිළිවෙළක් ද දියත් කරනවා. ද්විතීයක පාසල් දහස වැඩපිළිවෙළ යටතේ රටේ හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ම වගේ කොළඹ ආනන්ද, විශාකා, රාජකීය මට්ටමට ගම්බද දූ දරුවන්ට ඒ හා සමාන අධ්‍යාපනයක් ලබා දෙන්න කටයුතු කර ගෙන යනවා. ඒ සමඟ විද්‍යාවයි තාක්ෂයයි දියුණු කරන වැඩපිළිවෙළක් ඇති කර ගෙන යනවා. විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න බැරි දරුවන්ට මේ හරහා රැකියා අවස්ථා උදා වෙනවා. අපේ රටේ නියම සංවර්ධනයක් ඇති කර ගෙන යනවා.
එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කාලයේ සිට හැම දෙයට ම විරුද්ධ වන එක්සත් ජාතික පක්ෂය ඒ සංවර්ධනය නතර කරන්නයි බලන්නේ. ඒ අයට අවශ්‍ය කරන්නේ අපේ රටේ ධනපති, කෝටිපති, පොහොසත් පිරිසට, විදේශ ධනපතියන්ට, බහුජාතික සමාගම්වලට අප රටේ සූරාකෑමේ අවස්ථාව ලබා දීමයි. එදා බණ්ඩාරනායක මහත්තයා පටන් ගත්ත විදේශ නොබැඳි ප්‍රතිපත්තිය අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සියලු රටවල් සමඟ සම්බන්ධකම් ඇති කර කටයුතු කරන නිසා ඇමරිකාව තරහ වෙලා තියෙනවා. චීනෙත් අපේ මිත්‍රයන් විදිහට සලකනවා. කියුබාව, ඉරානය, පලස්තීනය, වියට්නාමය වැනි රටවල් සියල්ල එක්ක එකට ගමන් කරන කොට ඒ ගොල්ලන් මෙයට කැමති නෑ . අද ලොව බලතුලනයේ වෙනස්වීමක් සිදු වී තියෙනවා. ආර්ථික අර්බුදය හේතු කොට ගෙන අපේ රටට වැඩිය විරැකියාව වැඩි වෙලා. අපි මේ නැගී එන ආසියාවත් සමඟ ඉදිරියට ගමන් කරන විට අපේ ආර්ථිකයත් දියුණු කරන්න යැයි ද ඔහු අවධාරණය කළේය.
වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී අදහස් දකවමින් සඳහන් කළේ, කලගුණ දන්න ජනතාවක් ලෙස මේ වර්ෂාවේ වුව ද මේ ජනතාව මෙහි රැස්වී ඇත්තේ අපේ රට බේරා ගත් රාජපක්ෂ මැතිතුමාට ලබන 08දා ජයග්‍රහණය ලබා දීමට බවය.
බෞද්ධ, කතෝලික, මුස්ලිම් හා හින්දු ජනතාවගෙන් සමන්විත වන මේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාව ආගම්, ජාති භේදවලින් තොරව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් බද්ධ වෙලා කටයුතු කරන බවයි. එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයේ භයානකකම අත්වින්දා. ධීවර කර්මාන්තය කරන්න බැරුව ත්‍රාසයෙන් හා භීතයෙන් පෙළුණු ඒ සමය සම්පූර්ණයෙන් අතුගා දමා අපට නිදහස්ව නිවහල්ව ජීවත්වීමට සුදුසු රටක් බවට පත් කර දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි. එතුමාගේ ඒ ක්‍රියාවලිය පමණක් ම ඇති එතුමා වෙනුවෙන් ඡන්දය දී කලගුණය සලකන්න. ත්‍රස්තවාදය අතුගා දැමීමෙන් පසු රට වෙනුවෙන් දැවැන්ත සංවර්ධනයක් ඇති කළා. යටිතල පහසුකම් ලබා දුන්නා. ධීවර කර්මාන්තය දියුණු කළා. තමුන්නාන්සේලාගේ ජන ජීවිතය වඩා වර්ණවත් කිරීමේ ආකර්ෂණීය වැඩපිළිවෙළක් එතුමාගේ මහින්ද චින්තය හා මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ සිදු කළා. ඒ නිසා එතුමා පොරොන්දු ඉටුකළ නායකයෙක් ලෙස ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ රටේ අධ්‍යාපනය,සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් වැඩි ම මුදල් ප්‍රමාණයක් වෙන් කරමින් තමුන්නාන්සේලාගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වැඩි වැඩ කොටසක් සිදු කළ නායකයෙක් ලෙස ද හැඳින්විය හැකියි. එතුමා වැඩ බැරි නායකයෙක් නො වේ. වැඩ කර ප්‍රතිඵල ජනතාවට පෙන් වූ නායකයෙක්. එතුමා බලයට ආ දින සිට ම එතුමාට එරෙහි ව රුදුරු බලවේග රාශියක් ක්‍රියාත්මක වුණා. එතුමා යුද්ධය නිම කළ පසු විදේශ රටවල්වල විදේශ බලවේගවලට සවන් නොදී එතුමාගේ තීක්ෂණ බුද්ධිය රටට ඇති ආදරය නිසා බටහිර ජාතීන්ගේ බලවේගවලට එතුමා නතු නො වූ නිසා බටහිර ජාතීන්ගේ කුමන්ත්‍රණය ආරම්භ වුණා. රටට ආදරය කරන නායකයෙක් වශයෙන් එතුමා ගත් දේශපාලන තීන්දු නිසා එතුමා මේ පදවියෙන් ඉවත් කළ යුතු යැයි බටහිර බලවේග තීරණ කර මේ පොදු අපේක්ෂකයෙක් කියන කෙනෙක් අර ගෙන ඩොලර් වියදම් කර විශාල ව්‍යාපාරයක් ගෙන යන්නේ යැයි ද ඔහු අවධාරණය කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල රැලිවල කතා කරන්න සෙනඟ සොය සොයා ඉන්නා බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ගියේ අගමැති තනතුර නොදුන් නිසා බවත් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.
එයාට සෞඛ්‍ය පනත හදන්න දුන්නේ නැහැ කිව්වා. ඒ පනත හැදුවේ නිමල් සිරිපාල ද සිල්වා ඇමති තුමා. ඒ පනතේ 90%ක් හදලා තියෙද්දී තමා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට මේක හදා ගන්න බැරි වුණේ. ඇමති කෙනෙක් ලෙස තමන් හැදූ පනතේ කොපියක් තමා ළඟ තියා නොගත්තේ. මේකේ තිබුණේ ගුණාත්මක ඖෂධ ජනතාවට ලබා දෙන්න කියලයි. රාජපක්ෂලා රට වෙනුවෙන් මැරෙන කොට මේ ගොල්ලෝ මැරුණේ ගස් කපන්නයි, ගල් කපන්නයි, වැලි හාරන්නයි. ඒ නිසා රාජපක්ෂලා සමඟ මේ ගමන යන්න අප ලෑස්ති විය යුතු බව ද ඔහු සඳහන් කළේය.
ඊයේ පස්වරුවේ හලාවත ෂර්ලි කොරයා ක්‍රිඩාංගණයේ දී මෙම මහා ජන රැලිය පැවැත්වුණු අතර අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන, තිස්ස අත්තනායක, නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, පා.ම. අරුන්දික ප්‍රනාන්දු මහත්වරු ද ජන රැලිය ඇමතූහ.
ජ්‍යේෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු, අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, දයාශ්‍රිත තිසේරා, ෆීලික්ස් පෙරේරා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පියංකර ජයරත්න, නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනී, පා.ම. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශාන්ත බන්ඩාර යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතවරු රැසක් ද මීට එක් ව සිටියහ.
NDH