මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති විජයග්‍රහණය තහවුරු කිරීමට අනුරාධපුරයේ පැවති මංගල රැලියට රජරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්

    දෙසැම්බර් 11, 2014

    2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජයග්‍රහණය තහවුරු කිරීමේ මංගල ජන රැලිය රජරට අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් අද (11) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.


    රජරට ප්‍රදේශයේ ජනතාව ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මහත් උද්යෝගයෙන් යුතුව සල්ගාදු ක්‍රීඩාංගණය වෙත රැස්ව මාතෘ භූමිය දින වූ තම රාජ්‍ය නායකයාට උපහාර පුද කර සිටියහ.


    ජනාධිපතිතුමා ක්‍රීඩාංගණයට පැමිණෙනවාත් සමඟ ප්‍රීති ඝෝෂා නගමින් එතුමාව මහත් හරසරින් පිළිගත් ජනතාව එතුමා වෙත තම සුභාශිංසන ද පළ කළහ.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජයග්‍රහණයට සහය පළ කරමින් තලාව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සනත් දිසානායක, මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලලිත් එදිරිසිංහ යන මහත්වරුන් එජාප සාමාජිකයන් විශාල පිරිසක් සමඟ වේදිකාවට පිවිසීම ද විශේෂත්වයක් විය.

    අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, පවිත්‍රා වන්නිආරච්චි, තිස්ස කරලියද්ද, එස්.එම්. චන්ද්‍රසේන, විමල් වීරවංශ, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පා.ම. ජයන්ත කැටගොඩ, එජාප හිටපු මහ ලේකම්, සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක යන මහත්ම මහත්මීහු ද ජන රැලිය ඇමතූහ.

    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, ටී.බී. ඒකනායක, මහාචාර්ය ජී.එල්. පීරිස්, ෆිලික්ස් පෙරේරා, ගාමිණී ලොකුගේ, රෙජිනෝල්ඩ් කුරේ, සාලින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඩබ්.බී. ඒකනායක, ඩුලිප් විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කමලා රණතුංග, ෂෙහාන් සේමසිංහ, ලොහාන් රත්වත්තේ යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pmu_pix by Suidath Silva

    02

     

    03

     

    12

     

    05

     

    10

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya