මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිවරණ විජයග්‍රාහී මංගල ජන රැලියට පෙර ජනපති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ආශීර්වාද ලබාගනී

    දෙසැම්බර් 11, 2014

    අද (11) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු එක්සත් ජනතා නිදහස් සංධානයේ ජනපතිවරණ විජයග්‍රාහී මංගල ජන රැලියට සහභාගීවීමට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පළමුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ආශීර්වාද ලබාගත්තේය.

    අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන්වහන්සේ, රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ, මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණු වැවේ ඥානතිලක ස්වාමීන්වහන්සේ, ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක හිමිපාණන්වහන්සේ ප්‍රමූඛ පළාතේ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේලා ජයපිරිත් සජ්ඣායනය කරමින් ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.


    ප්‍රදේශයේ ජනතාව අතිවිශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක් ව සිටි අතර ඔවුහු ද තම ආදරණිය රාජ්‍ය නායකයාගේ විජයග්‍රහණයට සුභාශිංෂන පළ කර සිටියහ.


    අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, නිර්මල කොතලාවල, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද ආගමික කටයුතුවලට එක් ව සිටියහ.


    HC/pmu__Pix by: Sudath Silva

    President performs religious rites at Sri Maha Bodhiya 1

     

    President performs religious rites at Sri Maha Bodhiya 2

     

    President performs religious rites at Sri Maha Bodhiya 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya