මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනවාරි 8වෙනිදා ජනාධිපතිතුමන්ගේ ජය ස්ථීරයි

    දෙසැම්බර් 11, 2014

    ලබන ජනවාරි 8 වෙනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය ස්ථිර බවත් මෙතෙක් කාලයක් පුරා එ.ජා.ප. බලකණුවක් ව තිබූ නැගෙනහිර කොළඹ මැතිවරණ බලප්‍රදේශය මෙවර ජනාධිපතිතුමන් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරන බවත් ශ්‍රී.ල.නි.ප. නැගෙනහිර කොළඹ ප්‍රධාන සංවිධායක ප්‍රදීප් ගුණවර්ධන මහතා පැවසීය.

    ප්‍රදීප් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ ජනාධිපතිතුමන්ගේ විජයග්‍රහණය වෙනුවෙන්  පසුගිය අඟහරුවාදා (09) බොරැල්ල, ගෝතමීපුර දී පැවති නැගෙනහිර කොළඹ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය සංවිධානයේ සහ ආසන බලමණ්ඩලයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රදීප් ගුණවර්ධන මහතා සඳහන් කළේ ජනාධිපතිතුමන් තමන්ගේ උපන් බිම වූ හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය කරනවා හා සමානව වසර ගණනක් පුරා කිසිදු සංවර්ධනයක් සිදු නොකළ කොළඹ දිස්ත්‍රික්කය අද වන විට අලංකාර මංමාවත්, සනීපාරක්ෂාව, අඩු ආදායම්ලාභී නිවාස වෙනුවට ඉහළ පහසුකම් සහිත මහල් නිවාස ඇතුළු තවත් බොහෝ පහසුකම් ඇති කරමින් සංවර්ධනය කර ඇති බවයි.

     

    මේ සියලු සංවර්ධනයන් දෑසින් දැක ගත හැකි නිසා නැගෙනහිර කොළඹ ජනතාව ජනාධිපතිතුමන්ගේ දෑත් ශක්තිමත් කරලීමට එක්ව ක්‍රියාකරන බවත් ප්‍රදීප් ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

     

    මෙම වැඩසටහනට අනුව නැගෙනහිර කොළඹ ආසන බලමණ්ඩලය තුළ ඇති ඡන්දපොළ 45ට අදාළ වන ලෙස මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාල 45ක් පිහිටුවීමට නියමිතය. ඉදිරි දින කිහිපය තුළදී මෙම මෙහෙයුම් කාර්යාල සියල්ල පිහිටුවා අවසන් කෙරේ.

     

    නාගරීක මන්ත්‍රී එම්.ඒ. දේවිකා මහත්මිය ඇතුළු නැගෙනහිර කොළඹ ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    dinesh1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya