මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පළමු රැලියට පෙර දන්ත ධාතූන් වහන්සේ වැඳ ආශිර්වාද ලබාගනී

    දෙසැම්බර් 11, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එක්සත් ජනතා සන්ධානයේ විජයග්‍රාහී මංගල රැලියට අනුරාධපුරයේ දී සහභාගී වීමට පෙර අද (11) මහනුවර දළදා මාලිගාවට ගොස් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. 


    තේවාව භාරව කටයුතු කළ අස්ගිරි පාර්ශවයේ සංඝ සභික පොලොන්නරුවේ සොලොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ උපාලි නායක හිමිපාණන් වහන්සේ විසින් එහිදී ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කරනු ලැබූහ. මේ අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි අනුනායක හිමිපාණන්, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ මැතිඇමතිවරුන් ද බැතිමතුන් රැසක් ද මේ අවස්ථාවට එක් ව සිටියහ.


    අනතුරුව මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගෙන් ද ආශිර්වාද ලබා ගත්තේය.

     

    අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අස්ගිරි මහා විහාරය වෙත ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගෙන් ද ආශිර්වාද ලබා ගත්තේය.

     

    රාමඤ්ඤ මහා නිකායේ මහා නායක පූජ්‍ය නාපානේ ප්‍රේමසිරි නායක හිමිපාණන් වහන්සේ වැඩ වසන හුරිකඩුව විද්‍යාසාගර මහා පිරිවෙන වෙත ගිය ජනාධිපතිතුමා උන්වහන්සේගේ ද ආශිර්වාද ලබා ගත්තේය.

     

    මහනුවර මීරා මක්කම් මුස්ලිම් පල්ලිය වෙත ද ගිය ජනාධිපතිතුමා වෙනුවෙන් එහිදී ප්‍රධාන පූජක අශ්රොෆ් මවුලවිතුමා විසින් විශේෂ මෙහෙයක් කරමින් ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළේය.

     

    අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙලිය රඹුක්වැල්ල, මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහත්වරු, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.



    NDH/DB/SDF__pix by: Sudath Silva 

     

    Temple of the Tooth Relic

     

    kandy1

     

    kandy 2

     

    Temple of the Tooth Relic 2

     

    Temple of the Tooth Relic 3

     

    Temple of the Tooth Relic 3

     

    Temple of the Tooth Relic 4

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya