මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිස්ස අත්තනායක සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

    දෙසැම්බර් 11, 2014

    එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස් වී ආණ්ඩුව සමඟ එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (11) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේය.


    වසර 25ක් අඛණ්ඩව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කළ තිස්ස අත්තනායක මහතා 2005 වසරේ සිට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධූරය හෙබවීය. ඔහු මහනුවර දිස්ත‍්‍රික්කයේ උඩුදුම්බර ආසනය නියෝජනය කරමින් 1989 දී පාර්ලිමේන්තුවට තේරීපත් විය. එක්සත් ජාතික පක්ෂයේ 22 වැනි මහ ලේකම්වරයා වූ ඔහු පසුගිය වර ඔහු පාර්ලිමේන්තුවට පැමිණියේ ජාතික ලැයිස්තුවෙනි. 

     
    මේ අවස්ථාවට මැති ඇමතිවරු රැසක් එක්ව සිටියහ.

    NDH/pmu_pix by Sudath Silva

    01

     

    03

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya