මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමීර් අලි මන්ත්‍රීධූරයේ දිවුරුම් දෙයි

    දෙසැම්බර් 12, 2014

    සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නැඟෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමීර් අලි මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

    එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා අමීර් අලී මහතා මෙසේ දිවුරුම් දුන්නේය. අස්වර් මහතා පසුගිය නොවැම්බර් 28 වැනි දා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්විය.

     

    අද පාර්ලිමේන්තුවේ දී අමීර් අලි මහතා දිවුරුම් දීමෙන් පසු වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් අමීර් අලි මහතා සිය අසුන වෙත කැඳවා ගෙන යනු ලැබීය.

     

    අමීර් අලි සහබ්දීන් මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීරයෙකු මෙන් ම ආපදා සහන සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ද මීට පෙර කටයුතු කර තිබේ. රිෂාඩ් බදියුදීන් මහතාගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ඔහු නැඟෙනහිර පළාත් සභාවට තේරී පත් ව කටයුතු කරමින් සිටියේ ය.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya