මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර නාගරික මන්ත්‍රී එස්. සිවඥානම් ජනපතිට සහය පළ කරමින් සන්ධානයට

    දෙසැම්බර් 10, 2014

    මහනුවර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරියෙකු වන එස්. සිවඥානම් මහතා ඇතුළු පිරිසක් අද (10) එක්සත් ජනතා සන්ධානයට එක් වූහ.


    අද පස්වරුවේ ජනාධිපති මන්දිරයට පැමිණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය පළ කරමින් ඔවුහු සන්ධානයට එක්වන බව පැවසූහ.

    වසර 10ක් මහනුවර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා මහනුවර දිස්ත්‍රික්කය තුළ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ අයෙකි.

    පක්ෂයේ වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳ දැඩි කලකිරීමට පත්ව සිටින ඒ මහතා පක්ෂය හැරදා මෙලෙස ජනාධිපතිතුමාට සහය පළ කිරීමට තීරණය කර ඇති අතර රටට වැඩකරන නායකයෙකු වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ එක්ව රට ගොඩනගන වැඩපිළිවෙළට තම දායකත්වය ලබා දෙන බව ද පැවසීය.

    මහනුවර ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු කිහිපයක් පිළිබඳ මෙහිදී ඒ මහතා ජනාධිපතිතුමා දැනුවත් කළ අතර ඒ පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය ද යොමු විය.

    මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, මහනුවර නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

    NDH/pmu_pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya